විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.