ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා.
මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට ඇති බවටයි ගලෙන් බිඳුනු වැව පොලිසිය සැක කරන්නේ.
එම ස්ථානයට ආයුධ තොගය ගෙනවිත් දැමූ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.