වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් කර ඇති බවයි.
නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයකට පැමිණ නොමැති අතර මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට අවස්තාව සලසා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
කොළඹ තරුණ හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පවතින තත්වය මත මොටර් රථ ආනයනයනය කළහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ.
සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා..
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













