ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සදහා වැඩි ප්‍රවේශයක් ලබාදීමට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා.

එමෙන්ම පවතින ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙහි අරමුණයි.

මෙහිදි කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්, ආර්ථික අංශයට විශාල දායකත්වයක් ලබාදෙන බැවින් ඔවුනට අවශ්‍ය සහය ලබාදීම වැදගත් බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ජේ්‍යෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය පැවසුවේ.

WhatsApp Group

Skip to content