41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ් මහත්මිය සමත්ව තිබෙනවා.
මෙම තරගාවලියේ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ චනීටා සීඩකෙට් ක්‍රේතෝර්න් (Chanita Seedaket Craythorne) සමත් වූවා.
එහි දෙවන ස්ථානයට පත්වූයේ එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ පේජ් එවින්ග් (Paige Ewing)හටයි.
තරගයේ මිසිස් ෆොටෝජනික් අංශයෙන් ජයග්‍රහණය කිරීමටද සබීනා යූසුෆ් සමත් වීමත් ඇය ටොප් 20 කාණ්ඩයට සුදුසුකම් ලැබුවා.
තරගය ජනවාරි 29 වන දින නෙවාඩා හි ලාස් වේගාස් හි පැවැති අතර තරගය සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක තරගකාරියන් කිරුළ දිනා ගැනීම සඳහා තරග වැදුණා.
ඒ අනුව අවසන් මහා තරගයේදී අවසන් තරගකාරියන් තිදෙනා අතර ශ්‍රී ලාංකීය තරගකාරිය වූ සබීනාද අන්තර්ගත වීම රටට මහත් කීර්තියක් අත්කරදීමක් වනවා.










