ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා .
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටා ඇති සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන අද දිනයේ දී වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
මෙම දිනය වෙනුවෙන් ලොව පුරා සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන වසා තැබීම නියමයක් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ .
අදාළ කාල සීමාවේ දී යම් ආකාරයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම ස්ථාන සහ පුද්ගලයින් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා .