අමෙරිකාවේ නවයයි එකොලහ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 23 ක් ගත වනවා.

ඒ අනුව අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි.

දැවැන්තම ත්‍රස්තවාදි ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනයට ද දැඩි හානි සිදු වුණා.

මගීන් ප්‍රවාහන ගුවන් යානා 4 ක් යොදාගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය අල්කයිඩා සංවිධානය මගින් සිදුකරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content