ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන යෝජනාව පිළිගන්නා බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳ කටාර් සහ ඊජිප්තු මැදිහත් කරුවන්ට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම තීරණයත් සමග ගාසා තීරයේ අල් අක්සා රෝහලෙන පිටතට පැමිණි පිරිස් ප්‍රීතියෙන් ගායනා කරමින් සතුට සැමරීමටද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සටන් විරාමය සඳහා එකඟ වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ගැනීම ඊශ්‍රායලය සතු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content