Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලාංකිකයන් සඳහා රටවල් රැසකින් විශාල රැකියා අවස්ථාවන්

    ලාංකිකයන් සඳහා රටවල් රැසකින් විශාල රැකියා අවස්ථාවන්

    2025-08-01කියවීමට මිනිත්තු 3ක් ගතවේ.444 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ මැදිහත්වීමෙන් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

    එසේම නව රජය පත්වීමත් සමග රජයේ විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැදීමට ලක්වූ දියුණු රටවල් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට බත්තරමුල්ලේදී එක්වෙමිනි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නාරාහෙන්පිට, මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන ගිය අතර, විගමණික ප්‍රජාවට සිදුවන අපහසුතා සලකා බලා එම අංශ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී.

    එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    “මේ නව ගොඩනැගිල්ල ප්‍රධාන කාර්යාලය ආසන්නයේ එකම ගොඩනැගිල්ලක පිහිටුවලා තිබෙනවා. විශේෂයෙන්ම විගමණික ශ්‍රමිකයින්ට ගැටළු රැසක් ඇතිවුණා ප්‍රධාන කාර්යාලයට බොහෝ දුරකින් මේ නාරාහෙන්පිට ප්‍රදේශයේ මේ අංශ පිහිටා තිබීම නිසා. ඒ විතරක් නෙවෙයි සේවකයින්ගෙන් පැත්තෙන් ගත්තත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ගැටළු රැසක් ඇතිවුණා බත්තරමුල්ලේ සිට නාරාහෙන්පිට මෙහෙවර පියස කාර්යාලය වෙත පැමිණීමේදී. ඒ ගැටළුවලට විසඳුමක් වශයෙන් මේ පියවර අපි ක්‍රියාත්මක කළා. ඒ හරහා විගමණික ශ්‍රමික ප්‍රජාවට කාර්යක්ෂම සේවාවක් මේ පරිශ්‍රය තුළදී ලබාගත හැකියි.

    විදේශ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් කී දෙනෙක් ගියාද කියන කාරණය තමයි අපි හිතන්නේ. ආර්ථික අපහසුතාවලින් ජනතාව පීඩා විඳිනකොට ඊට විසඳුමක් වශයෙන් තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය විවෘත වුණේ. අපේ අපනයන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය දියුණු වෙනකොට විදේශ රැකියා ක්ෂේත්‍රයේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ ශ්‍රම වෙළඳපොලට ගැලපෙන අයුරින් පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටත් ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඊටත් එහා ගිය ක්‍රමානුකූල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.

    විවිධ ආයතන, විවිධ රටවල්, විවිධ අමාත්‍යාංශ එක්ව පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය විදිහට අපි සැලසුම් කර තිබෙනවා. අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රය වෙනුවට ඉතාමත් ක්‍රමානුකූලව දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රයක් ඇතිකිරීමයි අපේ බලාපොරොත්තුව.

    අපි රජයක් විදිහට විදේශ රැකියා ලබාදීමට මැදිහත්වීම සිදුකරන්නේ ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය සමග පමණයි. මේ රටවල් තුන සමගම නව විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකරමින් පවතිනවා. පසුගිය දිනවල ජපානයේ විශේෂ නියෝජිතයින් රැසක්ම අපි සමග සාකච්ඡා කළා. එහිදී මේ රැකියාවන් ඉහළ නැංවීම පිළිබඳව ඉතාමත් සුභවාදී සාකච්ඡාවල නිරතවුණා. ඒ වගේම විෂයභාර අමාත්‍යතුමා මැලේසියාවේ සංචාරය කරන අතරතුර පුහුණු ශ්‍රමිකයින් මැලේසියානු රැකියා වෙළඳපොලට යොමුකිරිම පිළිබඳවත් අවධානය යොමුවුණා.

    පසුගිය කාලයේ මෙම ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීමත් සමගම බොහෝ ගැටළු රැසක් ඇතිවුණා. නමුත් නිර්දේශපාලනීකරණය වීම හේතුවෙන් විනිවිදභාවයකින් යුතුව මේ කටයුතු සිදුකිරීමත් සමග බොහෝ දෙනා අපිත් එක්ක වැඩකරන්න කැමති වෙලා තිබෙනවා. ඒ වගේ ගුණාත්මක වැඩපිළිවෙලක් සමග මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න අපි අපේක්ෂා කරනවා.

    ඒ වගේම ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා නව විදේශ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරම භාෂා හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

    පෙර පුව​තශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිලට වෙච්චි දේ

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group