ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා.
විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඊට සාපේක්ෂව මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමක්.
මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්.
මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 ක්.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













