කොළඹ වරායේ ඇති සියලුම බහාලුම් කඩිනම්න් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව රේගුව පවසනවා.
ඒ අනුව, හෙට පස්වරුව වන විට ඉතිරි වී ඇති සියලුම බහාලුම් නිදහස් කිරීම රේගුවේ අරමුණ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සදහන් කළේ.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වැනි ද්‍රව්‍ය නිශ්කාෂණය කරන ආර් ටී සී අංගණය සතියේ දින 07ම සේවය කරන බවත් එම භාණ්ඩ නිශ්කාෂණයේ ප්‍රමාදයක් මතු වී නොමැති බව ද රේගුව නිවේදනය කළා.