හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලාංකිකයෙකු වන රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ පැවති පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේදීයි.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.41 ක්.
මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දියාවේ සචින් යාදව් එම ඉසව්වේ දෙවන ස්ථානයට පත්වුණා.
කෙසේ වෙතත්, රුමේෂ් තරංගට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණේ, ඊට අවශ්‍යය පරිසාදන මට්ටම සෙන්ටි මීටර 9කින් අඩුවීම හේතුවෙන්.