රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙිහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබේ.

පසුගිය දිනෙක උන්වහසේ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.

අදාළ හිමිනම අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති වීඩියෝ පට හේතුවෙන් ආගමික හා ජාතික සංහිදියාවට තර්ජනයක් බවට අධීකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ඇප මත මුදා හැර ඇති සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.

WhatsApp Group

Skip to content