රාජ්ය සේවක වැටුප් රුපියල් 5000කින් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව රාජ්ය සේවකයින්ට පසුගියදා වැඩි වු රුපියල් දහදහසක දීමනාව ද සමග රුපියල් 15000ක් සෑම සේවකයෙකුට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රාජ්ය සේවක වැටුප් පිළිබද සමාලෝචනයක් සිදුකිරීම සදහා කමිටුවක් මේ වන විටත් පත්කර තිබෙනවා.
එම කමිටුමේ නිර්දේශ මත ලබන වසරේ සිට විධායක නොවන සියලුම රාජ්ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීමට නියමිතයි.