පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
කෙසේවෙතතත් ස්වයං ප්‍රකාශන භාරදීමේ එවැනි අවසාන දිනයක් තවමත් නියම කර නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














