රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ආර්ථිකය ගොඩනැගිම සදහා කෙටි කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.

මෙම වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content