මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා උචිත පරිදි පොලිස් නිලධාරීන් යොදවන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇති බවට වාර්තා වනවා.
වැඩබලන පොලිස්පතිවරයා මෙම නියෝග ලබාදී ඇත්තේ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී ඇති බවයි.
එසේම මහජනතාවට බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් නොකරන ලෙසට ද දැනුම් ඇති බවයි ලේකම්වරයා අවධාරණය කරන්නේ.
එම හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1300ක් පමණ ස්ථාපිතව ඇති බවයි වාර්තා වන්නේ.
ලිපියට ප්‍රතිචාර දක්වන වැඩබලන පොලිස්පතිවරයා, ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ට නියෝග කර ඇති අතර එම නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ උපදේශය සියලුම කොට්ඨාස බාර නිලධාරීන් වෙත කර තිබෙනවා.