රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා.

23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිනිය මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ සිට සිය පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට පිටත්ව ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ.

එලෙස ගමනාන්තය වෙත ගමන් කරන අතරතුරදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් රියදුරු රථයෙන් බැස ඇති අතර එහිදි පිටුපස ආසනයේ වාඩි වී සිටි රංගන ශිල්පිනිය සමීපයට පැමිණ ත්‍රීරෝද රථ රියදුරු ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී රංගන ශිල්පිනිය ඒ පිළිබදව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර එයට බියට පත් වූ ත්‍රීරෝද රථ රියදුරු එතැනින් පලාගොස් ඇති බව සදහන්.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථය කොළඹ – හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පළාගොස් ඇති බවයි.

මේ පිළිබදව පිළියන්ද පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු කියා සිටියේ.

 

 

WhatsApp Group

Skip to content