යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා. 2024 – 2025 මාස් කන්නයේදී සිදු කළ මිල නියාමනයට අනුව මෙම මිළදී ගැනීම් සිදු වනු ඇති. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මුදලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ක මුදලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ක මුදලකටත්, මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ. එමෙන්ම මෙවර තෙත වී සඳහා ද අවම මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් එම ක්‍රියාවලිය දියත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තෙත වී කිලෝවක් රුපියල් 102 ක මුදලකට මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
උණුසුම් පුවත්
- පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ ප්‍රථිපල ලගදීම
- මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල සදහා අගමැති මෝදි මාලදිවයිනට
- අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි
- උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
- මාස 6ට අපේක්ෂා රෝහලට 36,000ක් ඇතුළත් කරලා – සෞඛ්‍ය නි. ඇමැති
- ජපන් දූතයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානමක්
- කොළඹ හෝටල් ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන්
- මැතිවරණ කොට්ඨාස අටකට පොහොට්ටුවෙන් සංවිධායකවරු