2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පවතී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කලේ , අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බවයි ඒ මහතා පවසන්නේ.

එම රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව ඒ මහතා අවධාරණය කලා.

WhatsApp Group

Skip to content