මෝල්ටාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින්  අත්අඩංගුවට ගන්නා ලදී.

මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන මෙම කාන්තාවගේ සැමියා මෝල්ටා රාජ්‍යයේ සේවය කරන බැවින් තමන්ට එරට රැකියා අවස්ථාවන් සොයා දිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුග884ල000ග00 ක මුදලක් ලබාගෙන තිබේග මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවීම හේතුවෙන් එම පුද්ගලයා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතරල ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීමට අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදීග

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීමට මුදල් අයකිරීම හා කාර්යාංශ පනත උල්ලංඝණය කිරිම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින :5රැ30* මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 2ක් මත මුදාහැරීමටත්ල විදෙස් ගමන් තහනමක් පැනවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදීග නඩුව ජූලි 11 දින යළි කැඳවීමට නියමිතයිග

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ අඅඅගිකඉfැගකන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියිග

WhatsApp Group

Skip to content