හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව අද දිනයේ කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදියි.

එහිදි නඩුවට අදාළ විරෝධතා පවතින්නේ නම් ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට විනිසුරුවරයා නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ෆයිසර් මුස්තාෆා ඇතු`ඵ පිරිසක් නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content