මැන්ඩරින් දොඩම් වගා කිරීම සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්යංශය පියවර ගෙන තිබෙනවා. මෙම වගා කළාප මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්රික්ක වල ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්යංශය පවසන්නේ.
ලොව විශාලතම මැන්ඩරින් දොඩම් වගා කරන්නා චීනය වන අතර සෑම වසරකම ටොන් මිලියන 12ක් පමණ අස්වැන්න ලබාගනී. තුර්කිය, ස්පාඤ්ඤය, බ්රසීලය, ඊජිත්තුව වැනි රටවල් ද මෙම වගාවෙහි ප්රමුඛයන් වේ.