මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වුණා.

මෙහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණා.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම චාරිකාව සඳහා කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී වුණා.

WhatsApp Group

Skip to content