නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරුණා.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින් සහ නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 ක්.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
උණුසුම් පුවත්
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට













