මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙනවා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5 ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණියා.

ඉන්දිය හිතවාදී ප්‍රතිපත්තිවලින් බැහැර චීන හිතවාදී මතධාරියෙකු ලෙසයි මොහොමඩ් මුයිසු සැලකෙන්නේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ගත් ඉන්දීය විරෝධි ඇතැම් තීරණ හේතුවෙන් එරට ආර්ථිකය කඩාවැටීමට ලක්වුණා.

කෙසේ වුවද ඉන්දීය සංචාරයට එක්වෙමින් මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ තම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සහාය දක්වන ලෙසයි.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය හුවමාරුවක් සදහා ඉන්දීයාව එකඟතාව පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content