මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා.

2023 ඡන්ද නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

WhatsApp Group

Skip to content