Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ගන්න රුපියල් මිලියන 16,000ක්

    මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ගන්න රුපියල් මිලියන 16,000ක්

    2023-01-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022/23 මහ කන්නයේදී කාබනික පොහොර මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 16000ක් වෙන් ක ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවද කාබනිකපොහොර මිලදී ගැනීම සඳහා තමන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහයෝගය පළ කළ බවයි.

    එසේම මහ කන්නය සාර්ථක කර ගැනීම පිණිස ගොවි ජනතාවට ලබාදිය  හැකි උපරිම සහයෝගය රජයක් වශයෙන් ලබාදී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවක් අතරතුරදීයි.

    මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කමිටුව බැගින් පිහිටවූ බවත් එහිදී ගොවි සංවිධාන නියෝජිතයින්ට ද වගකීම් භාරදී තිබෙනවා.

    ඒ අනුව තමන්ට කැමැති කාබනික පොහොර වර්ගයක් මිලදී ගැනීමට හැකියාව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

    ඒ අනුව වී වගා කරනු ලබන හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් විසි දහසක්ද හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් හතළිස් දහසක්ද වශයෙන් ලබාදීමට පියවර ගැණුනා.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ දිස්ත්‍රික් කමිටුව විසින් තම වගකීම් නිසි පරිදි සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි.

    එසේම ඇතැම් කමිටු හරහා යම් යම් අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    කෙසේ වුවද ප්‍රමිතියෙන්බාල කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගෙන ඇත්නම් ඊට ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවද වගකිවයුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    මේ අතර ප්‍රමිතියෙන් බාල කාබනික පොහෙර සැපයීමට කටයුතු කළ සමාගම් කිහිපයක් අසාදු ලේඛන ගතකළ බවද අමාත්‍යවරයා පවසනවා.

    ඇතැම් දිස්ත්‍රික් කමිටු නියෝජිතයින්ට මුදල් අල්ලස් වශයෙන් ලබාදී තම සමාගම්වල කාබනික පොහොර අලෙවි කර ගැනීමට ඇතැම් පොහොර සමාගම් පියවර ගත් බවට තමන් සතුව සාක්ෂි ඇති බවද මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමයේ නිලධාරීන් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  වසර 7කට පසු ග්ලයිපොසේට් තහනම ඉවතට

    එවැනි තොරතුරු ඇත්නම් තම අමාත්‍යංශයට ලබාදෙන ලෙසත් 2023 යල කන්නයේදී වී වගාවට අමතරව අතිරේක බෝගවගාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

    එසේම වී වගාවට අවශ්‍ය සියලුම රසායනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    Mahinda A Urea කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යංශය මහ කන්නය මහින්ද අමරවීර යල කන්නය යූරියා රසායනික පොහොර වී ගොවිතැන
    පෙර පුව​තසමගි ජන බලවේග මංගල රැළිය අද කුරුණෑගලදී
    ඊළඟ පුව​ත ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉන්දියාව කියයි

    සබැ​ඳි පුවත්

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    2026-02-07

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group