පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මත මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර, මේ වනවිට තෝරා මාළු කිලෝවක මිල රුපියල් 1800 ත්, තලපත් කිලෝවක මිල රුපියල් 1400 ත් අතර මිලකට පවතිනු ඇති බවද සදහන්.

 

WhatsApp Group

Skip to content