මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ලෝලුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.

සිය දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම හේතුවෙන් ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content