ඊයේ දින රුසියාවේ සිදු වූ ප්‍රභල භූ කම්පනයේ ප්‍රථිපලයක් හේතුවෙන් මධ්‍යම රුසියා අර්ධද්වීපයේ ඇති වඩා ක්‍රියාකාරීම ගිනි කන්ද වන කලියුචෙවිස්කෝයි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.
මේ හේතුවෙන් යළිත් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගිනි කන්ද ඊයේ භූ කම්පනය සිදු වූ කම්චැට්කි දූපත් කළාපයට සැතපුම් 280 ක් දුරින් පිහිටා තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් දකුණු ඇමරෙකාව වෙත සුනාමි අනතුරු ඇගවීම් යළි යාවත්කාලීන කරනු ලැබුවා.
ඉන් අනතුරුව නවසීලන්තයට සහ චිලී රාජ්‍යට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ භූ කම්පනය සහ ගිනි කන්ද පුපුරා යාම හේතුවෙන් ඇති විය හැකි අසාමාන්‍ය සුනාමි රළ ධාරා ඉදිරි පැය 24 පුරාවටද පැවතිය හැකි බවයි.
මේ වන විටත් චිලී රාජ්‍යයේ ඇතැම් වෙරළ කාලාප වෙත මීටර 2.5 කින් යුත් සුනාමි රළ ඇතුලු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
උණුසුම් පුවත්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්













