ගෑස් මිල අඩු වුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කල නොහැකි බව බේකරි නිෂ්පාදන සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුවත් නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවයි.
නමුත් පාන් පිටි ඉහළ ගිය විට පමණක් ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ දමිනට සිදුවූ බවයි ඒ මහතා සඳහන් කලේ.
ඒ අනුව පාන් පිටිවල මිල අඩු වුවහොත් පමණක් බේකරි නිෂ්පාදන මිල අඩු කළ හැකි බවයි ඒ මහතා කියාසිටියේ.