බීඩිකොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(01) අළුයම මීගමුව, තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 668ක් අඩංගු උර 18ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු කැබ් රථයද සමගින් අත්අඩංගුවට ගෙන මීගමුව පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි.
ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත අදාළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
සැකකරු වයස අවුරුදු 52ක් පමණ වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය කියා සිටියා.













