බිත්තර ප්‍රවාහන කරුවන් වෙළද මාෆියාවක් සිදු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරනවා .

ඔහු ප්‍රකාශ කරන්නේ අතරමැදියන් ලෙස කටයුතු කරමින් මෙම බිත්තර ප්‍රවාහන කරුවන් විශාල ලාභයක් උපයන බවයි .

කොළඹ නගරය අවට වෙළදසැල් කිහිපයක ඊයේ දිනයේ බිත්තර මිල ගණන් විමසීම සදහා ඔහු ඇතුළු පිරිසක් එක් වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ආපනශාලා හිමිකරුවන්ගේ සභාපතිවරයා මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2022/12/ASEELA-SAMPATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content