මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙහිදී දෙරට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ජා කර ඇති බවයි වාර්තා වුනේ.
රටේ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්, මධ්‍යම පළාතේ සිදු කරන ලබන විවිධ නිෂ්පාදන අපනයනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා විසින් බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කෙරුණා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














