මොනරාගල වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් බවයි පොලීසිය සදහන් කළේ..
අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ රියදුරු මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.
මිය ගිය රියදුරු 32 හැවිරිදි දඹගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සදහන් කළා.
උණුසුම් පුවත්
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
- ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකන් ගුවන් යානයකදී කාර්ය මණ්ඩලයට පහරදුන් මගියෙකු අත්අඩංගුවට
- කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
- මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක්









