කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
මෙම අනතුර අද අලුයම සිදුව ඇති අතර තුවාල ලැබූ බස් රථෙය් රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබුනා.
අනතුරුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා ත්රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගය අසල ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.