මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩාවැටීමෙන් මෙලෙස විදුලිබලය ඇණහිට ඇති බවයි.

එම විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම පවතින වැසි තත්ත්වය හමුවේ කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ලඟා වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content