බංග්ලාදේශය තුළ ඇතැම් දේශපාලන පක්ෂ තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඔහු පවසන්නේ, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීම පිළිබඳ කණස්සල්ල පළ කරන බවයි. කෙසේ වෙතත් එවැනි තීරණය මගින් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස අනිසි ලෙස සීමා කරන බව ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවකට එක්වන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා බංග්ලාදේශයේ අන්තර්වාර රජයෙන් ඉල්ලා තිබෙනවා. රට තුළ නිදහස් සහ සියල්ලන් ඇතුළත් වන්නා වූ මැතිවරණ සඳහාද ඔහු ඉල්ලීම් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- මාතර, කපුගම වෙඩි තැබීමක්
- Sri Lanka Festival in Tokyo 2025 ඇරඹේ
- හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- අද සිට කටුනායකින් රියදුරු බලපත්‍ර
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඇටවිල ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට
- පොලොන්නරුව – හබරණ මාර්ගයේ අනතුරකින් තරුණියක් මරුට