පදවිය ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබෙනවා.

අයවැය යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ නව සභාවාරය අද(14) පෙරවරුවේ ආරම්භ කෙරුණේ සභාපති මහින්ද නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයවැය යෝජනාව පළමුවර කියවීමෙන් පසුව සභාවේ ආදායම් තත්ත්වයේ වර්ධනයක් සිදුව නොමැති බවත් සංවර්ධන කටයුතු විදිමත්ව සිදුව නොමැති බවත් බිම්මට්ටමින් ප්‍රතිලාභ ලැබිය යුතු ග්‍රාමීය ජනතාවට එම ප්‍රතිලාභ නොලැබී ඇති බවත් පවසමින් සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනාත්, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුනුත් අයවැයට විරුද්ධව ඡන්ය පළ කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීනියක් සහ මන්ත්‍රීවරයෙක්ද ස්වාධීනව සිටීමටද තීරණය කර තිබෙනවා.

ඒ් අනුව අයවැයට පක්ෂව ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද හතක්ද ස්වාධීන ඡන්ද දෙකක් ලෙසින්ද සභාවේ ඡන්ද සටහන් වූවා.

අයවැය ඡන්ද විමසීමේ ප්‍රතිඵලයත් සමගින් සභාවේ කටයුතු තරමක් උණුසුම් මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.

අයවැය පරාජයට පත්වූ සභාපතිවරයා සභාවෙන් නැගිට ගොස් ඇති අතර තාවකාලික සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී සුමිත් කොබ්බෑකඩුව මහතා සභාවේ ඉදිරි කටයුතු සිදු කරමින් සභාව අවසන් කර තිබෙනවා.
‍‍

WhatsApp Group

Skip to content