කුරුවිට – පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින පොලිස් නිලධාරීන් කරන ලද වැටලීමකදී නීති විරෝධි මත්පැන් ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතත් වැටලීමේදී සොයා ගන්නා ලද නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට ලබා නොදී ළග තබාගෙන සිටීම හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් 4 දෙනකු මේ මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද විමර්ශනයකට අනුවයි.