ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් විසිහත්දහස් හත්සිය තිස්තුන් දෙනෙකු පරීක්ෂා කල බවයි පොලිසිය සදහන් කලේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 19 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 294 දෙනෙකු ද, විවෘත වරෙන්තුකරුවන් 168 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 16 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ.
එමෙන්ම වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4229 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










