පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතාගේ ධුර කාලය පසුගිය 26 වන දා අවසන් වීමත් සමග මේ දක්වා එම ධුරයට කිසිදු පුද්ගලයෙකු නම් කර නැහැ.

මෙම ධුරය සදහා පුද්ගලයෙකු නම් නොකිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්.

නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නම් 3 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එම කාර්යය සඳහා වත්මන් පොලිස්පතිවරයාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content