පාසල් මාර්ග අරක්ෂක සංසදය මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස් පෙළ හදාරන සිසුවෙකුටම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගි නොවී ප්‍රායෝගික පරීක්ෂණයකට සහභාගි වී රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මෙලෙස පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවනවා.

මීට අමතරව මෙම සංසදය මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරනු ලබන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් ද මේ තුළින් සැකසීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content