2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළා

මේ අතර උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව ජනාධිපති අරමුදල පවසනවා.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස පළමු වනදා සිටයි ආරම්භ කරනු ලබුවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ලබා දෙන බව සඳහන්.

 

WhatsApp Group

Skip to content