කතානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
මේ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයින්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
අද පස්වරු 05.00 සිට පස්වරු 06.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.