පළමු වන ශේණියේ සිසුන් සඳහා ජනවාරි 20 වනදා පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පළමු වන ශේණියට තෝරාගත් සිසුන් එදිනට පෙර පාසලට ඇතුලත් කළ යුතු බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ඒ අනුව 2026 වසරේ දී දෙවන ශේණියේ සිසුන් විසින් පළමු ශේණියේ නවක සිසුන් පිළිගැනීම සිදුකළ යුතු වනවා.
දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම , ජාතික හා පාසල් ධජ එසවීම , ජාතික ගීය හා පාසල් ගීය ගායනය කිරීම සිදු කළ යුතුයි.
ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා පළමු ශේණියේ නව විෂය මාලාව ක්‍රියාත්මක කිරිමේ අරමුණ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කළ යුතු වනවා.
නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශ සිසුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදුකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
නවක සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලැබෙන අයුරින් මෙන්ම සිසුන්ටත් දෙමාපියන්ටත් කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි වැඩසටහන සංවිධාන කළ යුතු බවද එහි සදහන්.
නවක සිසුන් සදහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හදුනාගැනිමේ වැඩසටහන ජනවාරි දෙවන දා සිට 16 වනදා දක්වා අදාළ මාර්ගෝපදේශවලට අනුකුලව ක්‍රියාත්මක කරනු ඇති.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











