මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවැති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍යද සමගින්.
කිඹුලාවල, කමත නම් ස්ථානයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ සිටි තරුණ තරුණියන් පිරිසක් ඊයේ(01) රාත්‍රී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ප්‍රසංගය නැරඹීම සඳහා පන් සියයකට අධික පිරිසක් පැමිණ තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු තරුණ තරුණියන් සතුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තිබී සොයා ගත් බවයි.
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද(02) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.














