බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස
එම දෙපාර්තුමේන්තුව නිවේදනය නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 50 ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකියි.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














