බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
ඒ අනුව අද දිනයේදී දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනවා.
උණුසුම් පුවත්
- මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
- පහරදීමකින් තරුණයෙකු මරුට
- ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
- යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
- කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
- පළාත් දෙකකට සිහින් වැසි
- අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
- වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න